අම්බලන්තොට ප්‍රදේශයේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකදී සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදී ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධූර සෙනෙවිරත්න මහතා පැවසීය.
එම මධ්‍යස්ථානයේදී ප්‍රශ්න පත්‍ර මලු ලිහීමක් සිදුව ඇතත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු වී නැතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසන අතර, මීට පෙර විභාග දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින්ද මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලදී.













