තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට නගරයේදී අද (25) පස්වරු 7.15 ට පමණ සිදුවූ යතුරුපැදි අනතුරකින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අම්බලන්තොට සිට හම්බන්තොට දෙසට සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. තුවාලකරුවන් අතර වාදුරුප්ප සහ තංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අම්බලන්තොට පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















