පැවැති ආපදා තත්ත්වයක් හේතුවෙන් අඹන්ගඟකෝරලේ, කොහිලවත්ත පාලම කැඩී ගොස් මාස 7ක් ගතවී ඇතත් එය නවೀකරණය කිරීමට රජය මෙතෙක් පියවර නොගැනීමට එරෙහිව ප්‍රදේශවාසීන් අද (08) උදෑසನ රත්තොಟ – ගම්මඩුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය. මෙම පාලම අබලන් වීම හේතුවෙන් අවට ගම්මාන හයක පවුල් 800කට අධික සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව සිටිති.
විරෝධතාවය පැවැති ස්ථානයට ජාතික ජන බලවේගයේ (මාලිමාව) පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා සහ අඹන්ගඟකෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති (සජබ) එම්. ස්වර්ණකුමාර මහතා පැමිණි අතර, එහිදී පාලම ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන (මුදල්) දැනටමත් වෙන් කර ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමඟ දෙදෙනා අතර දැඩි උණුසුම් වාද විවාදයක් ඇති විය. තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා එම අවස්ථාවේදීම මධ්‍යಮ පළාත් පාලන කොමසාරිස් චමරි අතපත්තු මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව විමසීමක් කළේය. ඒ අනුව, ඉදිරි සතියක් ඇතුළත පාලම නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවට බලධාරීන්ගෙන් ලැබුණු ස්ථිර පොරොන්දුවත් සමඟ විරෝධතාකරුවන් මාර්ගය විවೃඳ කරමින් විසිර යාමට කටයුතු කළහ.
















