ඇතිවූ අධික වැසි තත්ත්වය හේතුවෙන් අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කිරීමට සිදුව ඇති බැවින් අග්‍ර ඔයේ ජල මට්ටම වැඩි වීමක් සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම අඩි 04 බැගින් මේ වන විට විවෘත කර ඇති අතර, ඒ හේතුවෙන් ජලය අග්‍ර ඔය හරහා ඩයගම, ලිඳුල, ආගරපතන හා තලවකැලේ හරහා ඉහළ කොත්මලේ ජලාශයට ගලා බසින බවය.
මේ හේතුවෙන් අග්‍ර ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, අග්‍රඔය දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳව දැඩි විමසිලිමත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.














