• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්මිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරු හිඟයට වහා විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්

14 August 2023
in දේශීය

අනුරාධපුර අධ්‍යාපන කළාපයට අයත්, ගම්මිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරු හිඟයට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසු සිසුවියන් හා දෙමාපියන් පිරිසක් අනුරාධපුර පිහිටි උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූහ.

අධ්‍යාපන අධ්‍යක්ෂ මාමලා අපේ අධ්‍යාපනය රැක දෙන්න, නිළධාරීනේ අපේ අධ්‍යාපනය විනාශ නොකරන්න, ගමට ළමුන් 540, ගුරුවරු 24 යි – නගරයට ළමුන් 240 යි, ගුරුවරු 46 යි ආදි සටන් පාඨ සහිත විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් ගම්මිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරු හිඟයට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසු සිසුවියන් හා දෙමාපියන් පිරිසක් මෙලෙස අද (14) උදෑසන විරෝධතාවයෙහි නිරත වූහ.

6-13 පාසල් වන මෙම විද්‍යාල‌යේ සිසු දරු දැරියන් 582 ක් ඉගෙනුම ලබන බවත්, ගුරුවරු 24 දෙනෙකු පමණක් සිටින බවත්, ඒ අතර ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි යන විෂයන් සඳහා ගුරුවරුන් නොමැති බැවින් එම ගුරුවරුන් ඉල්ලා මෙලෙස ඔවුන් විරෝධතාවයෙහි නිරත වූහ.

විරෝධතාවයේ නිරත වූ දෙමාපියකු කියා සිටියේ,

” අපේ පාසලේ 10-11 ශ්‍රේණි වල දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසී විශයන් වලට ගුරුවරු නෑ, මාස 03 ක් මේ විෂයන් අපේ දරුවෝ ඉගෙන ගෙන නෑ, වාර විභාග ප්‍රශ්න පත්‍ර තාම බලලා නෑ, අපි මේ පිළිබඳව උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමා 05 වතාවක් දැනුම්වත් කරලා තියෙනවා.අපේ පාසලේ ළමයි 582 ක් ඉන්නවා.ගුරුවරු 24 දෙනෙයි ඉන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගරය ආසන්න ළමයි 216 ක් ඉන්න පාසලට ගුරුවරු 45 දෙනෙක් ඉන්නවා.පසුගිය වසර වල අධ්‍යන පොදු සහිතක පත්‍ර සාමාන්‍යය පෙළ හා උසස් පෙළ විභාගයේදී අපේ දරුවෝ හොඳ ප්‍රථිපල ගත්තා, ඒකට සමහර අධ්‍යාපන බළධාරීන් කැමති නෑ, අපිව වර්ගීකරණය කරන්න හදනාද කියලත් අපිට හිතෙනවා.මුස්ලිම් පාසලටත් දැන් කොළඹට කිරි ගමට කැකිරි වගේ තමයි සලකන්නේ, අපිට ලොකු කණගාටුවක් තියෙන්නේ.අපිට විශේෂ විෂයන් 03 ට ගුරුවරු ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.විභාගය ලියලා ප්‍රථිපල හම්බෙනකල් බලන් ඉන්නවා, උත්තර පත්‍ර බලන්න ගුරුවරු නෑ, නිළධාරීන්ට වුවමනාවක් නෑ අපේ පාසලට ගුරුවරු දෙන්න.අපේ දරුවන්ගේ අධ්‍යාපනය පමණයි ඉල්ලන්නේ, අ‌පේ ගුරුහිඟයට විසදුම් දෙන්න කියලා අපි ඉල්ලන්නේ” 

විරෝධතාවයෙහි නිරත වූ සිසුවකු කියා සිටියේ,

” අපිට මාස ගණනක ඉඳන් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසී වලට ගුරුවරු නෑ, අපි අමාරුවෙන් විභාගය ලිව්වත් තාම වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර බලලා නෑ, අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්නේ අපේ පාසලට ගුරුවරු ලබා දෙන්න කියලා යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 8
Previous Post

හදිසි මරණ පරීක්ෂකවරුට පිළිගැනීමක් ලැබිය යුතුයි – අගමැති

Next Post

ගම්මිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරු හිඟයට වහා විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්

editor

editor

Next Post

ගම්මිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරු හිඟයට වහා විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved