26 July 2024
#දේශීය

විමල්ට එරෙහි සංශෝධිත පැමිණිල්ලක් 

ජාතික නිදහස් පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කර තිබේ. 

ඒ සම්බන්ධයෙන් නියෝගය ලබන නොවැම්බර් මස 12 වනදා ලබාදෙන බව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක දැනුම් දී තිබේ.

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මහජන පීඩාවක් ඇතිවන ලෙස විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව මීට පෙර නඩු පවරා තිබූ අතර එහි අවසන් විත්තිකරු නොමැතිව මෙම නඩුව විභාගය සඳහායි අද පෙරවරුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවේ. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *