• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ නගරයට පාරිසරික හා දේශගුණික සැලැස්මක්

19 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරයේ ජීවත් වන සහ නගරයට පැමිණෙන දෙස් විදෙස් සැමට බලපාන පාරිසරික හා දේශගුණික ගුණාත්මකභාවය උදෙසා සැලැස්මක් ඇති කිරීම පිළිබඳ සමාරම්භක සාකච්ඡාවක් බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණ.

ඒ, කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි, පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගංවතුර පාලනය, මහද්වීපික වායු දුෂණ පාලනය, ගෝලීය උෂ්ණත්ව පාලනයද මූලික කරගෙන ඇතිකරන මෙම සැලැස්මෙන් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු රාමුව තුළ, කොළඹ නගරයේ දිවා හා රාත්‍රී කාලයේදී වාතාශ්‍රයේ ගුණාත්මක බව, කැලණි නදියේ ජලයේ ගුණාත්මකභාවය, වෙරළ තීරයේ පාරිසරික පද්ධතිය, කඩොලාන හා ජලජ ජීවින් ආරක්ෂක පද්ධතිය, වන ගහණය සහ වෘක්ෂලතා ආරක්ෂක විධිවිධාන රැකගැනීමද වේ.

ප්ලාස්ටික්, පොලිතීන්, ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය කළමනාකරණය, කොළඹ වැදගත් ම කරුණක් වන අතර, වැඩිපුර ඇවිද යාහැකි නිදහස් පාරිසරික තත්ත්වයන් උසස් කිරීමද මෙම සැලැස්මෙන් අපේක්ෂිතයි.

බේරේ වැව, ඇළමාර්ග හා කානු පද්ධති සෞඛ්‍ය සනීපාරක්ෂාව උසස් වන අයුරින් කළමණාකරණය කරලීම, නගරයේ සනීපාරක්ෂාව, අලංකාරය හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම, කොළඹ නගරයේ පාරිසරික හා දේශගුණික සැලැස්මෙන් ඉටු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙතෙක් කොළඹ නගරය සඳහා පාරිසරික හා දේශගුණික සැලැස්මක් නොතිබූ අතර, මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීම මගින්, නැවත කොළඹ නගරය “ආසියාවේ උද්‍යාන නගරය” (Garden City of Asia) ලෙස දියුණු කිරීම කළ හැකි බව, කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

සංඛ්‍යා ලේඛන වාර්තා අනුව කොළඹ නගරයේ පදිංචි ජනතාව 350,000 පමණ වන අතර රාත්‍රී කාලයේදී 600,000 පමණ ජනතාවක් සිටින බවත්, දිවා කාලයේ දී එය 1,250,000 වන බවත් පැවසේ.

එනමුත් කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු තොරතුරු අනුව පදිංචි ජනතාවට අමතරව විවිධ රැකියා, සේවා, ව්‍යාපාර, ආර්ථික, අධ්‍යාපන, සංචාරක කටයුතු සඳහා දේශීය විදේශීය හා විදේශියව ජීවත් වන ශ්‍රී ලාංකික පිරිස් රැසක් කොළඹ නගරයේ සිටිනා බවත්, දිවා කාලයේ දී 1,800,000 හා රාත්‍රී කාලයේ දී 750,000 දක්වා ජන ඝනත්වයන් වැඩි වන බවත් සඳහන් වේ.

බාල තරුණ වැඩිමහල් සියලු දෙනාගේ මූලික පැවැත්ම උදෙසා ඉවහල් වන පිරිසිදු වාතාශ්‍රය, ජලය හා පාරිසරික තත්ත්වයන් නිර්මාණය කිරීම තුළින් වඩාත් උසස් මානසික සංතෘෂ්ඨියක් සහිත පුරවැසි සමාජයක් බිහිකිරිම, මෙම සැලැස්මේ අරමුණක් වේ.

ඒ අනුව ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals) වෙත දෙස් විදෙස් ප්‍රචලිත කොළඹ නගරය පෙළගස්වන මූලික සැලැස්ම මෙය වනු ඇත.

SDG ගෝලීය ඉලක්ක #3, #6, #11, #13, #14, #15, හා #17 මූලිකව සමන්විතව මෙම සැලැස්ම සකස් කිරීම පිළිබඳ, පැවැති සාකච්ඡාවේදී දින නියම කරගන්නා ලදී.

කොළඹ සංවර්ධන කමිටුවේ සභාපති, පා.ම. යදාමිණි ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත, කොළඹ නගරය උදෙසා පළමු වරට පාරිසරික හා දේශගුණික සැලැස්මක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පරිසර අධිකාරිය හා කොළඹ මහ නගර සභාව අතර වන සාකච්ඡා මාලාවේ, පළමු සාකච්ඡාව 2023.06.14 දින පැවති බව, කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

මීට අමතරව සියලු ම පාර්ශව කරුවන් එක් කරගෙන විශේෂඥ සහය ඇතිව මෙම සැලැස්ම පුළුල් කරලීම සඳහා මගපෙන්වීම ලබාදෙන බව, පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්තුරු මෙන්ම පරිසර අමාත්‍යාංශයේ ලේකම්, කොළඹ දිසාපති, කොළඹ නාගරික කොමසාරිස්, මධ්‍යම පරිසර අධිකාරියේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජලසම්පාදන මණ්ඩලයේ, නාවික හමුදාවේ, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ, ඉඩම් සංවර්ධනය කිරීමේ සමාගමේ, නාගරික සංවර්ධන අධිකාරියේ, බස්නාහිර පළාතේ පරිසර ආයතනයේ, භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ, මහාමාර්ග අධිකාරියේ, ඉහළ නිලධාරීහු ඇතුළු විෂයට අදාළ නිලධාරීහු සහභාගි වී සිටියහ.

Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජනාධිපති කාර්යාලයීය දී ආරම්භ කෙරේ

Next Post

පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කිරීමට පියවර

editor

editor

Next Post

පාසල් හැරගිය දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved