• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ නගරයේ කොරෝනා වසංගතයේ අවධානම ගැන කොළඹ නගරාධිපතිනියගෙන් පැහැදිලි කිරීමක්

13 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ මහා නගර සභා සීමාව තුළ නොවැම්බර් 12 දින වන විට කොරෝනා රෝගීන් සංඛ්යාව 3410 ලෙස වාර්තා වී තිබෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කොරෝනා වෛසරය සම්බන්ධව කොලඹ ජනතාවට පවතින අවදානම් තත්ත්වය පිළිබඳව මම නගරාධිපතිනිය හැටියට ජනතාව දැනුවත් කළ යුතු බවයි.

එම පැහැදිලි කිරීම සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කරපු කාරණාවන් තුනකට මගේ අවධානය යොමු කරනවා. කොරෝනා තත්ත්වය පාලනය කිරීමට එතුමන් විකල්ප තුනක් යෝජනා කළා. මුළු රටේම ඇඳෙන් නීතිය පැනවීම, කිසිවක් නොකර සිටීම සහ රෝගීන් පාලනය කරන අතරතුර ආර්ථිකයද හසුරුවමින් එදිනෙදා කටයුතු කිරීම. එයින් රජය 03 වන විකල්පය තෝරාගෙන කටයුතු කරමින් සිටිනවා.

කොළඹ නගරය කියන්නේ මේ රටේ ආර්ථිකය හසුරවන පරිපාලන දිස්ත්‍රික්කය ලෙස කටයුතු කරන නගරයයි. කොළඹ දිස්ත්‍රික්කය වැටුණොත් මුළු රටම වැටෙනවා ඒ නිසා කොළඹ මහ නගර සභාවේ පූර්ණ සහයෝගය මධ්‍යම රජයට ලබා දීමට කටයුතු කරනවා.

කොළඹ නගරයේ ආසන පහේම මේ වෙනකොට lockdown සිදුවෙලා තිබෙනවා. බොහෝ ප්රදේශ හුදෙකලා ප්‍රදේශ බවට පත් කරලා, කිසිකෙනෙකුට ඇතුල් වෙන්නත් බැහැ. එලියට එන්නත් බැරි තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා.
එහෙම කතා කරනකොට මම පැහැදිලිවම කියන්න කැමතියි ඊයේ දැක්කා දිසාපතිතුමා මාධ්ය ආයතනයක් හරහා කියනවා කොළඹ නගරයේ, කොළඹ නගරසභා සීමාවේ ආසාදිත වෙච්ච පවුල් 9000 දාහකට රුපියල් 10000 වටිනා වියලි ආහාර මලු දුන්නා, තව මහල් නිවාස වල අටදාහකට විතර දෙන්න තියෙනවා කියලා. මම ඒක නගරාධිපති තුමිය හැටියට කොළඹ නගරයේ ප්‍රධාන පුරවැසියා හැටියට මගේ වගකීම මේ නගරය ආරක්ෂා කිරීම, මේ නගරයේ ජනතාවගේ සුභ සාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීම, ජනතාව අපිව තෝරා පත් කරගෙන තියෙන්නෙ ඒකයි. මගේ මතය නම් තියන ලේඛන අනුව මේ වෙනකොට පනස්දාහකට වැඩි පවූල් සංඛ්යාවක් නිරෝධාන හෝ lockdown කියන හුදෙකලා ප්‍රදේශ වල ජීවත් වෙනවා. ඒ කියන්නේ කොළඹ නගරයේ ජීවත්වන පවුල් වලින් තුනෙන් එකක් හුදෙකලා ප්‍රදේශ වලට අයිති අය. මේ අයට කිසිම ආදායමක් නැති එළියටවත් බැහැලා බඩුවක් වත් ගන්න බැරි, සමහරුන්ටනම් ආදායම් තත්ත්වය හොඳ ඇති නමුත් අති බහුතරය කොළඹ නගරයේ ජීවත්වන ජනතාව 650000 න් 60% ක්ම අඩු ආදායම් ලාභී, එදා වේලවත් හොයාගන්න බැරි දෛනික වැටුපකට සේවය කරමින් තමාගේ ජිවිතය ගැට ගහන ගන්න යන කොට්ඨාසයක්. ඉතින් මේ අයට කිසි දෙයක් කරගන්න බැරි අවස්ථාවේදී මම විශේෂයෙන්ම රජයෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ඒ lockdown වෙලා ඉන්න පනස්දාහට වැඩි පවුල් සංඛ්‍යාවට වියළි ආහාර ලබා දීමටත් රුපියල් පන්දාහක් හැකි ඉක්මනින් ලබාදීමටත් කටයුතු කරන්න. කොළඹ නගර සභාව විසින් අපි සියලුම දිය යුතු පහසුකම් මේ වෙනකොටත් ලබා දීලා තියෙනවා.

මම ළමා හා කාන්තා කටයුතු ඇමතිනිය ලෙස සේවය කළ කාලයේ ආරම්භ කරපු ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන මේ වනවිට නතර වෙලා තියෙනවා. ජනතාව අසරණ තත්ත්වයකට පත්වෙලා තියෙන මේ අවස්ථාවේ දී නැවත වාරයක් ගැබිණි මව්වරුන් හට පෝෂණ මල්ල ලබාදීමට කටයුතු කරන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

කොළඹ නගරයේ ප්රධාන පුරවැසියා හැටියට මගේ වගකීම කොළඹ නගර සභා සීමාව තුළ ජනතාව ආරක්ෂා කිරීම, ජනතාවගේ සුබ සිද්ධිය සැලසීම, ඔවුන්ගේ අඩුපාඩු සොයා බැලීම. ඒ නිසා කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව මඟින් පවූල් 13000 ක් සඳහා මහජන ආධාර මුදල් ලබාදීම,සමිත්පුර දුගී දුප්පත් ජනතාව සිටින හුදෙකලා ප්රදේශයක් ලෙස නම් කර ඇති පවුල්වල ජනතාවට රුපියල් 2600 ක වටිනාකමකින් යුත් වියලි ආහාර මලු ලබා දීම සිදුකර අවසන්.

කොළඹ නගර සභාවට අනුබද්ධිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මේ වන විට පවත්වාගෙන යනු ලබන වෛද්‍ය සායන සියල්ලක්ම අඛණ්ඩව පවත්වාගෙන යන අතර, ඒවගෙන් ඖෂධ ලබාගන්නා රෝගීන් හට දීර්ඝ කාලීනව අවශ්‍ය කරන ඖෂධ නිවසටම ලබාදීමටත් කටයුතු කර තිබෙනවා.කොළඹ මහ නගර සභාවේ දේශීය වෛද්ය අංශය මගින් ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා නිපදවූ ප්‍රතිෂේධ පානය නගරයේ ජනතාවටත්, කොළඹ මහ නගර සභා සේවක පිරිස් හටත් නොමිලේ බෙදාදීම සිදු කරනවා. කොළඹ මහ නගර සභාවේ සේවක පිරිසගෙන් 141 දෙනකු කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ පවුල් වලටත් වියලි ආහාර මලු මේ වනවිට ලබාදී අවසන්.

ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අඛණ්ඩව පැය 24 ම සේවයේ නිරත වෙනවා. ඔවුන් දිවි පරදුවට තබා කටයුතු කරනවා. මේ හේතුව නිසාම කොළඹ මහ නගර සභාවේ සේවය කර විශ්රාම ගිය වෛද්යවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙදියන් ශ්රම මිලදී ගැනීමේ පදනම මත හෝ ස්වේච්චාවෙන් සේවයේ යෙදවීමට අවශ්‍ය යෝජනාව මා මුදල් කමිටුව ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම කොළඹ නගර සභාවේ වෛද්ය කණ්ඩායමට සහාය ලබාදීම සඳහා වෛද්‍ය ශිෂ්ය ශිෂ්‍යයාවන්ගේ සහයද ලබා ගැනීමට කටයුතු කරනවා.

මම නගරාධිපතිනිය හැටියට වෙනත් රටවල නගරාධිපතිවරුන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය ආධාර මුදල් ලබා ගැනීමට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අපට ෂැන්හයි වලින් PPC Kits විශාල ප්‍රමාණයක්, N95 වර්ගයේ මුඛ ආවරණ 50,000 ක් සහ කොරියාවෙන් වෛද්‍ය උපකරණ ලබාදීමට නියමිතව පවතිනවා. වෙනත් රටවල සහාය ඇතිව අපේ රටේ දුගී දුප්පත් ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය සියලුම සහාය ලබා ගැනීමට මා මූලිකව කටයුතු කරනවා.

මම කොළඹ පුරපති නිය හැටියට සියලුම ජනතාවට ලබාදෙන පණිවුඩය තමයි සෞඛ්‍ය නිර්දේශවලට අනුව ජීවත් වෙන්න කියන එක.

අපිට වියලි ආහාර, පවුල් 16,5000 ම ලබාදීමට පුලුවන්නම් මම එය නොදී ඉන්නේ නැහැ. එයට තිබෙන ප්‍රධාන බාධකය තමයි මුදල් මූල්‍ය ප්‍රශ්නය. අපට වියලි ආහාර ලබා දීමට පුළුවන් ඉතා සීමිත ප්‍රමාණයකටයි. ගිය වර පවුල් 50 000 ක් සඳහා වියළි ආහාර ලබාදීමට රුපියල් මිලියන 125 කට වැඩි මුදලක් කොළඹ නගර සභාව හරහා වෙන් කළා. මෙවර එය සිදු කිරීමට නොහැකි වී තිබෙනවා.

මම කොළඹ නගර සභාවේ කොමසාරිස්තුමිය රෝෂිණී දිසානායක මහත්මියට, වෛද්‍ය රුවන් විජයමුණි මහතා ට ඇතුළු සමස්ත ජන සෞඛ්ය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයටත්, කොළඹ මහනගර සභාවේ සියලුම සේවක පිරිසටත් මාගේ කෘතවේදිත්වය පළ කර සිටිනවා.

ඒ වගේම කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ විශාල සේවාවක් ඉටුකරන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාටත් මාගේ ස්තූතිය පුද කරනවා.

Post Views: 7
Previous Post

තොන්ඩමන් පාරේ බිත්තියක් කඩා වැටී දරුවෙකු මරුට

Next Post

දීපවාලී දිනය අදයි

editor

editor

Next Post

දීපවාලී දිනය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

4 July 2025
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

4 July 2025
මිලියන 25ක දැවැන්ත වංචාවක් එස්. එම් චන්ද්‍රසේන කොටුවෙයි (video)

මිලියන 25ක දැවැන්ත වංචාවක් එස්. එම් චන්ද්‍රසේන කොටුවෙයි (video)

4 July 2025

Recent News

නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

4 July 2025
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

4 July 2025
මිලියන 25ක දැවැන්ත වංචාවක් එස්. එම් චන්ද්‍රසේන කොටුවෙයි (video)

මිලියන 25ක දැවැන්ත වංචාවක් එස්. එම් චන්ද්‍රසේන කොටුවෙයි (video)

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved