• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කටයුතු කල යුතු ආකාරය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

8 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෙට දින (09) නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව රට තුළ දෛනික කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව හා ඊට අදාළ නීතිමය තත්ත්වයන් සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් කරුණු පැහැදිළි කරයි. 

එහිදී ප්‍රකාශ කරන ලද කරුණු පහත පරිදි වේ.

බස්නාහිර පළාතට පණවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00ට අවසන් වූවත් ලංකාවේ පොලිස් බලප්‍රදේශ 25 ක සහ කුරුණෑගල මහනගර සභා ප්‍රදේශයත් පානදුර ප්‍රදේශයේ ග්‍රාමසේවා වසමකුත් හුදෙකලා ප්‍රදේශ බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම හුදෙකලා ප්‍රදේශවල සිටින අයට හෝ ඉන් බැහැර වීමට හෝ බැහැර සිටින්නන්ට එම ප්‍රදේශවලට ඇතුලු වීමට කිසිලෙසකින් හෝ අවසර ලැබෙන්නේ නැහැ. එම ප්‍රදේශවල සිටින රැකියා හෝ වෙනත් කාර්යයන්හි නියුතු වන අයටත් ඒ සඳහා පිටතට පැමිණීමට නොහැකියි. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ එම හුදෙකලා ප්‍රදේශ අවදානම් ප්‍රදේශ වන බවයි.

ඒ අනුව, එම ප්‍රදේශවලින් යම් අයකු පැමිණියොත් ඔවුන් එම ආයතනවලට විෂබීජ රැගෙන එන්නන් විය හැකියි. එම නිසා එම ප්‍රදේශවල සිටින සේවකයින් සේවයට කැඳවීමෙන් වළකින මෙන් අපි සියලුම ආයතනවලට දැනුම් දෙන්නෙමු.

මේ අයුරින් හුදෙකලා කළ ප්‍රදේශ හරහා වාහන නොනවත්වා ධාවනය කළ යුතුයි. ඒ අනුව, එම ප්‍රදේශයනහිදී මගීන් බැසයාම හෝ නංවාගැනීම කළ නොහැකියි. එමෙන්ම වාහන නවතා තැබීම ද තහනම් වන අතර, මෙම නීතීන් සියලු පොදු ප්‍රවාහන සේවාවන්ටද පොදු වේ.

මෙම ප්‍රදේශයන්හි ජනතාවගෙන් ගර්භනීමාතාවන් හා හෘද රෝගීන් වැනි රෝගාබාධවලට ප්‍රතිකාර ලබන්නකුට හදිසි ප්‍රතිකාර සඳහා බලපත්‍ර ලබාගැනීමකින් තොරව ආසන්නතම රෝහලට යා හැකියි. වෙනත් කිසිදු හේතුවකට හුදකලා කළ ප්‍රදේශයකින් පිටතට යාමට හෝ පිටස්තරයකුට ඇතුළු වීමට අවසර නොලැබේ.

මෙම ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා ඩිලිවරි සේවාවන්ට අවසර ලබා දීමට තීරණය කර ඇත. මෙම ප්‍රදේශවල ආහාර, ඖෂධ හා සුපිරි වෙළඳසැල් ආදියට එම ප්‍රදේශ ඇතුළත ඩිලිවරි සේවාවන් ලෙස කටයුතු කළ හැකි නමුත් වෙළඳසැල් විවෘත කිරීම කළ නොහැකියි. මෙම ප්‍රදේශතුළට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙනයාමේ වැඩපිළිවෙලක් සකස් කරනු ලැබේ.

විශේෂයෙන්ම කොළඹ උතුර සහ මධ්‍යම ප්‍රදේශයේ තට්ටු නිවාස 05 ක් සම්පූර්ණයෙන් නිරෝධායනයට ලක් කර තිබේ. ඒවායේ සිටින්නන් ඉන් පිටතට පැමිණීම තහනම් වන අතර ඔවුන් සඳහා අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ සැපයීමට ඩිලිවරි සේවාවන් ක්‍රියාත්මකයි.

 

මෙම ප්‍රදේශවල හෝ දිවයිනේ ඕනෑම ස්ථානයක ස්වයං නිරෝධායනයට ලක් කළ තැනැත්තන් අනිවාර්යයෙන් නිවෙස්වලම රැඳී සිටිය යුතුය. ඔවුන් සිටින එම ස්ථානවලින් බැහැරට පැමිණීම නිරෝධායන නීති යටතේ වරදක් වන අතර ඒ සම්බන්ධව නීතිමගින් කටයුතු කරනු ලැබේ.

හෙට දිනයේදී බස්නාහිර පළාතට පැමිණෙන හා පිටවන අධිවේගී මාර්ග හා වෙනත් පිවිසුම් විවෘත කරනු ලැබේ. එම ස්ථානයන්හි පොලිස් නිලධාරීන් රඳවා අධීක්ෂණය කරනු ඇත. මෙහිදී, හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල ගමනාගමනය සිදුවූවද අත්‍යවශ්‍ය හේතු සඳහා පමණක් සංචරණය සීමා කරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ඇඳිරි නීතිය ඉවත් වීමෙන් පසු ආයතන විවෘත කිරීම සම්බන්ධව ගත්විට 2020 ඔක්තෝබර් 15 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි කෙරෙහි අනිවාර්යයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටීමට කැමතියි. ඔබ කරුණු 07 ක් සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.

කාර්යාලයක්, වෙළඳසැලක් විවෘත කරන විට ඔබ ඇතුළු කළ යුත්තේ සමාජ දුරස්ථභාවයට අනුකූල වන පිරිසක් පමණි. අත් සේදීමට ස්ථානයක්, මුහුණ ආවරණ පැළඳ සිටීම, ශරීර උෂ්ණත්වය පරීක්ෂාකිරීමේ ක්‍රමවේදයක්, පැමිණෙන්නන්ගේ ලැයිස්තුවක් ආදිය පවත්වා ගත යුතු වේ. මේස ආදිය පිළියෙල කිරීමේදී ද සමාජ දුරස්ථභාවය ආරක්ෂා කළ යුතුය. මෙම පොදු ක්‍රමවේද වලට අමතරව විශේෂ ආයතන 55 ක් සඳහා වෙන් වෙන් වශයෙන් නිර්ණායක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පළ කර ඇති අතර, එම ආයතන ඒවාට අනුගතව කටයුතු කළ යුතුය. අප ඉල්ලා සිටිනවා සියලු කාර්යාල, දෙපාර්තමේන්තු, ආයතන හා පුද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් මේ සියල්ලට අනුගතව කටයුතු කරන ලෙස. එසේ නොකළහොත් නිරෝධායන නීති වලට එරෙහිව කටයුතු කළා සේ සලකා ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදු වේ.

ඔබ ලංකාවේ හුදකලා කළ හෝ නොකළ කවර ප්‍රදේශයක සිටියත් සෑම පුරවැසියකුම මුහුණු ආවරණ පැළඳීම හා දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි. මීට පටහැණිව යම් අයකු කටයුතු කළහොත් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබේ. අද වන විට 125 ක් දින 08 ක් තුළ අත්අඩංගුවට ගෙන ඇත. හෙට දිනයේ ද මෙය විධිමත්ව ක්‍රියාත්මක කරනු ලැබේ. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක, සාද, උත්සව, ජනතාව රැස්වන ක්‍රීඩා ආදිය පැවැත්වීමෙන් වැළකිය යුතු වේ. මෙම රෝග ව්‍යාප්තිය පාලනය සඳහා සියලු දෙනාගේ සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

විශේෂයෙන්ම, ආයතන පවත්වාගෙන යන සෑම අයකුම සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස එම තොරතුරු ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිරන්තරයෙන් පොලිස් ජංගම සංචාර හා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් හෙට සිට ලංකාව පුරා යොදවනු ලැබේ.

හුදකලා කළ ප්‍රදේශයකට යම් අයකු ඇතුළුවුවහොත් හෝ ඉන් පිටවුවහොත් ඒ අය නිරෝධායනයට ලක්කර ඉන් පසුව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට නියමිතය. මෙහිදී, නිරෝධායන රීතීන්ට අමතරව අපරාධ නීතිය යටතේ රෝගයක් චේතනාන්විතව බෝ කරන්නේ නම් එයද වරදක් බවට පත්වේ. විශේෂයෙන්ම ඒ ඒ ආයතනවලට පැමිණෙන්නන් පිළිබදව ලේඛන පිළියෙල කිරීමේදී එම ලේඛනවලට අසත්‍ය තොරතුරු ඇතුළත් කරන බවටත් ලබාගන්නා බලපත්‍ර වෙනස් කරමින් ව්‍යාජ බලපත්‍ර සකස් කරන බවටත් තොරතුරු ලැබී ඇත. යම් අයකු යම් වැරදි තොරතුරක් ලේඛනයකට ඇතුළත් කළොත් ඔහු කූට ලේඛනයක් සකස් කළ අයකු වන අතර, රැවටීම සඳහා කූට ලේඛනයක් සකස් කිරීම අවු.07 ක බරපතළ වැඩ සහිතව සිරදඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. එමෙන්ම යම් අයකු තම නම හැඳුනුම්පත් අංකය සඳහා අන්අයකුගේ තොරතුරු ඇතුළත් කරන්නේ නම් එයද අවු 03 ක කාලයකට බන්ධනාගාරගත කළ හැකි වරදකි. ඒ නිසා ඔබ ආයතන වලට ඇතුළු වීමේදී හෝ සේවාවන් ලබාගැනීමේදී වැරදි තොරතුරු ඇතුළත් නොකළ යුතුයි.

ගැසට් පත්‍රයේ සඳහන් නිරෝධායන රීතීන් ඒ ආකාරයටම අනුගමනය කිරීම අපගේ අරමුණයි. මෙහිදී ජනතාවගෙන් ඉතා සුළු පිරිසක් විසින් පමණක් මෙම නීතින් කඩ කරනු ලබන අතර, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ. නිරෝධායන නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මේ වන විට 2850 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 430 ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.

Post Views: 1
Previous Post

නිරෝධායන ඇඳිරීනිතිය හෙට ඉවත් කරයි .. තවදුරටත් හුදෙකලා ප්‍රදේශ නම් කරයි

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 10220 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 10220 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025

Recent News

අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved