• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටට ඩොලර් ගෙනෙන්න අපනයන නිෂ්පාදන කර්මාන්තපුරයක් -ඇමැති විමල්

25 July 2021
in සංවර්ධන

සංචාරකයන් ඉලක්ක කරගත් තායිලන්තයේ බැංකොක් පන්නයේ සංචාරක වෙළදපොළක් සමඟ දේශීය අපනයන නිෂ්පාදන තොග වෙළදාම ද සහිත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සමීප කටාන ප්‍රදේශයේ ඉදි කෙරෙන ‘අපනයන නිෂ්පාදන කර්මාන්තපුරය’ මගින් රටට කඩිනමින් විදේශ විනිමය ගෙන ඒම තම අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා සංචාරක අමාත්‍යාංශයේ දී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් හා මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය.

එහිදි ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ජනාධිපතිවරයාගේ සහ තමන් අතර පැවති සාකච්ඡාවක දී යෝජනා වූ ‘අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන කර්මාන්තපුරය’ පිහිටුවීමට වඩාත්ම සුදුසු ස්ථානය ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයේ අක්කර 200ක භූමිභාගය හදුනාගෙන ඇති බව ද කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ප්‍රදේශයට වැඩි වටිනාකමක් එකතු වන, දේශීය ආර්ථිකයට ශක්තියක් වන මෙවැනි ව්‍යාපෘතියක ජාතික වශයෙන් ඇති වැදගත්කම අවබෝධ කරගෙන ඊට එකඟ වන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මෙම අවස්ථාවට එක්ව සිටි මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඇතැම් ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් සාකච්ඡාව ආරම්භයේ දී මෙම විශේෂ කර්මාන්තපුරයට සිය විරෝධය පළ කළ අතර කර්මාන්ත අමාත්‍යවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තමන් යෝජනා කර ඇති කටාන නගර සැලැස්ම සමඟ මෙම විශේෂ කර්මාන්තපුරය ඉදිකිරීමට විරුද්ධ නොවන බව ඔවුහු කියා සිටියහ.

මෙම අවස්ථාවේ ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මැති ඇමතිවරුන් ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද පතිරාජ, කර්මාන්ත සංවර්ධන අධ්‍යක්ෂ වින්දික පියරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

ඉපලෝගම පොල් පැළ බෙදා දීම රාජ්‍ය අමාත්‍ය දුමින්දගේ ප්‍රධානත්වයෙන්

Next Post

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

editor

editor

Next Post

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved