• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වතුකර ජනතාව වෙනුවෙන් online ක්‍රමය යටතේ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක්

17 August 2022
in දේශීය

වතුකර ජනතාව වෙනුවෙන් මාර්ගගත ක්‍රමය (online) යටතේ වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති නව ගම්මාන සංවර්ධන අධිකාරිය විසින් සැප්තැම්බර් මස 01 වනදා බදුල්ල, ඉදල්ගස්හින්න වත්ත කේන්ද්‍ර කර ගනිමින් මෙම සේවාව දියත් කරනු ලබයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වතු නිවාස අංශයේ නිළධාරීන් සමග ඊයේ (16) පැවති සාකච්ඡාවකදීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වතු නිවාස අංශය යටතේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් අනුස්මරණ පදනම, වැවිලි මානව සංවර්ධන භාරය, නව ගම්මාන සංවර්ධන අධිකාරිය යන ආයතන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 5% ක් පමණ වතු ප්‍රජාව නියෝජනය කරනු ලබයි. මෙරට මධ්‍යම, ඌව, සබරගමුව හා දකුණු පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රදේශවල එම ප්‍රජාව ජීවත් වෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වෛද්‍ය ප්‍රතිකාර සේවා ව්‍යාපෘතිය O – DOC ලෙස නම් කර තිබේ. ඒ සදහා එක් පවුලකට මසකට රුපියල් 100 ක් වැය වන අතර ඉන් පවුලේ සියලු සාමාජිකයින් වෙනුවෙන් සේවාව ලබා ගත හැකිය. මේ යටතේ පැය 24 පුරාම වෛද්‍යවරු 150 කට වැඩි පිරිසකගේ සේවාව ලබා ගත හැකි වේ.

ඉදිරියේදී මෙම වෛද්‍ය ප්‍රතිකාර සේවාව දිවයිනේ අනෙක් වතුකර ප්‍රදේශවල ජනතාව සදහාද ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “වතු ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ සදහා සුවිශේෂී වැඩසටහන් කිහිපයක් ඉදිරියේදී ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා. කොතරම් ආර්ථික දුෂ්කරතා පැවතියද වතුකර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා රජය කැප වනවා. ඔවුන්ගේ නිවාස, ජලය, සෞඛ්‍යය, අධ්‍යාපන ඇතුළු පහසුකම් ඉහළ නැංවීමට ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ වගේම ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය මගින්ද පවතින ආර්ථික අර්බුදය හමුවේ වතු ආශ්‍රිත ජනතාවගේ අවශ්‍යතාවය සපුරාලීම කෙරෙහිද විශේෂ අවධානය යොමු කිරීමට අපේක්ෂිතයි” යැයි කීවේය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, වතු නිවාස රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩි.ඩි. මාතරආරච්චි, වැවිලි මානව සංවර්ධන භාරයේ සභාපති ගනේෂ් දිවනායගම්, එහි අධ්‍යක්ෂ ජනරාල් ලාල් පෙරේරා, නව ගම්මාන සංවර්ධන අධිකාරියේ සභාපති ගාන්ධි සෞන්ධරාජන්, එහි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් තුෂාරා බංගමුව යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

 

 

 

Post Views: 10
Previous Post

මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව විදෙස් ඇමැති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

Next Post

ජාත්‍යන්තර උගුල්වලට අපි හසුවෙලා ඉවරයි – මන්ත්‍රී ආචාර්ය හරිනි

editor

editor

Next Post

ජාත්‍යන්තර උගුල්වලට අපි හසුවෙලා ඉවරයි - මන්ත්‍රී ආචාර්ය හරිනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved