• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් -19 මෙන්ම ඩෙංගු මදුරු මර්දනයටත් මෙහෙයුමක් – ඇමැතිනි පවිත්‍රා කියයි

19 October 2020
in දේශීය

කොවිඩ් -19 රෝගී තත්ත්වය පාලනය හා මැඩපැවැත්වීම සදහා රජය විසින් ගෙන යනු ලබන වැඩසටහනට මෙන්ම මිනිස් ජිවිත අහිමි කරමින් සමාජයට මහත් බලපෑමක් එල්ල කරනු ලබන ඩෙංගු මදුරු මර්දනය සදහා ද මෙහෙයුමක් දියත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මදුරු මර්දන සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට ඊයේ දින (18) පෙරවරුවේ එක්වෙමින්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන විසින් කුරුවිට නගරය මුලික කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.

කොවිඩ් හේතුවෙන් බිලිගත් ජිවිත ප්‍රමාණයට වඩා මෙරට ඩෙංගු රෝගය හේතුවෙන් ජිවිත අහිමි වී ඇති බව ද මෙම වසරේ ජිවිත 34 ක් ඩෙංගු රෝගය නිසා අහිමිව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දෙන ලදි. අප අවට පරිශ්‍ර පිරිසිදු කර ගනිමින් ජනතාව ද ඩෙංගු මදුරු මර්දනය සදහා රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට සහයෝගය දැක්විය යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරන ලදි.

2020 වසරේ දෙවන කාර්තුවේ මුළු දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 4311 වාර්තා වන අතර, වැඩිම ‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්ක වලිනි. මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 715 ක් වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 668 ක් වාර්තා වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ද කුරුවි‌ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඒ රෝගීන් 169 ක් වශයෙනි. එම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි කුරුවිට කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දියත් කිරීමට කටයුතු යොදා තිබුනි. මේ වසරේ ගත වූ මාස කිහිපය තුල ඩෙංගු රෝගීන් 27,870 ක් වාර්තා වී ඇති අතර, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් පසුගිය 14 වැනිදා සිට 20 වැනිදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ද ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලු සෞඛ්‍ය කණ්ඩායම් විසින් කුරුවිට නගරයේ ජනතාවට ඩෙංගු මදුරු මර්දනයට අදාල උපදෙස් පත්‍රිකා ලබාදෙමින් මහජනතාව දැනුවත් කිරීමට ද මෙහිදී කටයුතු කරන ලදි.

මෙම මදුරු මර්දන වැඩසටහන සදහා සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්නංගර මහතා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩ් මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ශ්‍රීලාල් ලියනගේ මහතා, ආරක්ෂක අංශයේ නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

 

 

Post Views: 7
Previous Post

මහනුවර මහ නගර සභාවට නව කොමසාරිස්වරයෙක් පත් කරයි

Next Post

රිෂාඩ් 27 වනදා තෙක් රිමාන්ඩ්

editor

editor

Next Post

රිෂාඩ් 27 වනදා තෙක් රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved