27 July 2024
#දේශීය

මහනුවර මහ නගර සභාවට නව කොමසාරිස්වරයෙක් පත් කරයි

මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවය 1 ශ්‍රේණියේ නිලධාරීයෙකු වන ආර්.ඒ.එස්.බී.නවරත්න මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් පත් කර ඇත.

 

ඒ අනුව නව කොමසාරිස්වරයා වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී අද (19) සිදු විය.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා පවසා සිටියේ පසුගිය කාලය තුලදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම මහනුවර නගරයේ අනෙකුත් ක්ෂේත්‍රයන්හී කටයුතු සම්බන්ධයෙන් සමීප සුපරීක්ෂණයේ ඇති ගැටලු හේතුවෙන් ජනතාව මෙන්ම රජය දැඩි අපහසුතාවයන්ට ලක් වු බවත්, නව නාගරික කොමසාරිස්වරයා වශයෙන් නගරය තුල පවතින ගැටලුකාරී තත්වයන් සමනය කර ජනතාව වෙත කාර්යක්ෂම සේවයක් බලාදෙනු ඇතැයි තමන් ‍බලාපොරොත්තුව වන බවත්ය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ‍අමාත්‍යාංශ ලේකම් නන්දන ගලබොඩ, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහී කිරිඳිගොඩ, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම් ඩබ්.දයානන්ද, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්වරුන් ද එක්ව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *