• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක් – ජනාධිපති මාධ්‍ය අංශය

28 September 2020
in දේශීය

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත්, මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වනු ලැබෙන බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහත පරිදි වේ.

මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සහ කරති. එවැනි වාර්තාවල මුලුමනින් අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව නිරීක්ෂණය කර ඇත.

පරිසර විනාශයක් ගැන කියැවෙන අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ. මෙසේ පළ කෙරෙන පුවත් අසත්‍ය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගැනේ. පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කරනු ලැබේ. විපක්ෂ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවෝ මේ අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් දෙති. ඔවුන්ගේ රැස්විම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවලදී අසත්‍ය පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කෙරේ.
මහවැලි අධිකාරියට අයත් “එච්” කලාපයේ, අනුරාධපුර, ඉහලතලාව වැව ප්‍රතිසංස්කරණයේ දී දැවැන්ත වන විනාශයක් සිදුවන බවට චෝදනා කරමින් පෞද්ගලික රූපවාහිනි ආයතනයක් පසුගිය සැප්තැම්බර් 15 දින සිය ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබූ වාර්තාව අසත්‍ය පුවත් ගොතා සමාජගත කිරීමේ මෙහෙයුමට කදිම නිදසුනකි. වන විනාශයට අමතරව බරපතළ දූෂණ ක්‍රියා සිදුවන බවට ද එමගින් චෝදනා කරනු ලැබීය.
පෞද්ගලික රූපවාහිනිය පළ කළ පුවත මුලුමනින් අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ “එච්” කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කල්‍යාණ කුමාර මහතා සැප්තැම්බර් 17 වැනිදා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සාක්ෂි සහිතව දැනුම් දුන්නේය. එහි සඳහන් පරිදි 2016 වසරේ ඇති වූ මහ වැසි නිසා ඉහළතලාව වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ඇති විය. යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට තබා වැව් බැම්ම තාවකාලිකව රැක ගන්නා ලදී. බැම්ම බිඳී ගියහොත් තලාව නගරය සහ පුරාණ ගම්මාන මුලුමනින් ජලයෙන් යට වෙයි. කොළඹ – යාපනය දුම්රිය මාර්ගයට සහ අනුරාධපුර – පාදෙනිය මහාමාර්ගයට බරපතළ හානි පැමිණේ.
පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව ප්‍රතිසංස්කරණය පිණිස ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 38.9ක ආධාර මුදලක් ප්‍රදානය කෙරිණ. ව්‍යාපෘතියේ වැඩ පසුගිය ජූලි මාසයේ දී ආරම්භ විය. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය බැංකුව විසින් අධීක්ෂණය කෙරේ.
ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දී වැවේ සහ වැව් බැම්ම මත වැඩී ඇති ගස් 80ක් ඉවත් කිරීමට තීරණය විය. ඒ සියල්ලම පාහේ මාර ගස්ය. ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් සහතික මෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය ද ලැබී ඇත. අනුමැතිය දුන් ලිපිවලට අත්සන් තබා ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන සහ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජනේරු ඩී.සී.එස්. ඇලකන්ද යන මහත්වරුන් විසිනි. කපා දැමෙන ගස් රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කර ගනිමින් පවතී.
වැව ප්‍රතිසංස්කරණයේ දී මහා වන විනාශයක් සිදුවන බවට චෝදනා කළ පෞද්ගලික රූපවාහිනී ආයතනය මේ සත්‍ය තොරතුරු කිසිවක් සඳහන් කළේ නැත. ජනතාව නොමග යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පිරිස් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ

Post Views: 9
Previous Post

මනාප නැති නිසා ස්වාධීන වන්න තීරණය කලා – සුජිව සේනසිංහ

Next Post

වැඩ නොකලොත් වැඩ වරදින බව ඇමැති ජොන්ස්ටන් කියයි

editor

editor

Next Post

වැඩ නොකලොත් වැඩ වරදින බව ඇමැති ජොන්ස්ටන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved