27 April 2024
#ක්‍රීඩා

වොලිබෝල් / නෙට්බෝල් පුහුණුව සඳහා නවක තරුණ තරුණියන්ට අවස්ථාවක්

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් ජාතික යෞවුන් සේනාංකය මගින් වොලිබෝල්, නෙට්බෝල් යන ක්‍රීඩාවන් සදහා නවක තරුණ / තරුණියන් බදවා ගැනීම ආරම්භ කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වයස අවුරුදු 24 ට අඩු, පිරිමි උස අඩි 5 අගල් 10 හෝ ඊට වැඩි, කාන්තා උස අඩි 5 අගල් 8 හෝ ඊට වැඩි නම් මේ සඳහා අයදුම්කළ හැකි අතර මෙම ක්‍රීඩාවන් දක්ෂ පළපුරුදු උපදේශකවරුන් විසින් මෙහෙයවනු ලැබේ.

මේ සදහා කැමැත්තක් දක්වන තරුණ/තරුණියන් හට පහත තොරතුරු සදහන් කර 076 – 0825143 වට්ස්ඇප් අංකය වෙත යොමු කරන්න.

01.නම :
02.වයස :
03.උස:
04.අයදුම්කරන ක්‍රීඩාව:
05.ජා.හැ.අංකය:
06.දිස්ත්‍රික්කය:
07.දුරකථන අංකය:
08.ළඟම ඇති ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය:
09.ලිපිනය:

වැඩි විස්තර සඳහා අමතන්න : 070-2587405

Leave a comment

Your email address will not be published. Required fields are marked *