ආසියානු සංවර්ධන බැංකුවේ මූල්ය අනුග්රහය යටතේ රුපියල් මිලියන 50ක වියදමින් ආණමඩුව මූලික රෝහලේ වාට්ටු හතරක් නවීකරණය කිරීමේ ව්යාපෘතිය ආරම්භ කර තිබේ.
පුත්තලම දිස්ත්රික්කයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්ය සේවාවක් සැපයීමේ අරමුණින් ක්රියාත්මක මෙම ව්යාපෘතිය ඊයේ (12) ආරම්භ කෙරුණේ පුත්තලම දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්රධානත්වයෙනි.
වාට්ටු ගොඩනැගිලි හතරේ ප්රතිසංස්කරණ කටයුතු ඉදිරි මාස හය ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත. මෙමඟින් රෝහලේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, රෝහල් පරිශ්රයේ නඩත්තු තත්ත්වය ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ.
ව්යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව අමාත්යවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් රෝහලේ පවතින අවශ්යතා සහ සේවා ක්රියාකාරීත්වය පිළිබඳවද සොයා බලා තිබේ.
නවීකරණ කටයුතු නියමිත කාලය තුළ අවසන් කිරීමෙන් ආණමඩුව සහ අවට ප්රදේශවල ජනතාවට වඩාත් පහසු හා ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබාදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














