ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ ගෙවත්තකට කඩා වැදුණු ඇතෙකු සිදුකළ පහරදීමකින් දෙදරු පියෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
අද (28) අලුයම සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ තෝණිගල පදිංචි 68 හැවිරිදි එච්.එම්. ගාමිණි සත්කුමාර නැමති පුද්ගලයෙකි. තම ගෙවත්තට පැමිණි අලියා එළවා දැමීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇතා නිවස දෙසට කඩා පැන ඔහුට පහරදී අඩි 100 ක පමණ දුරකට රැගෙන ගොස් පාගා මරා දමා ඇති බව ආණමඩුව පොලීසිය පවසයි. මියගිය පුද්ගලයාගේ සිරුර පුරා දරුණු ලෙස දළ පහර වැදී තුවාල සිදුව තිබූ අතර, පොලීසිය විසින් අදාළ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














