මදුරංකුලිය ආනවිලුන්දාව, මයියාව වැව රක්ෂිත ප්‍රදේශයේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පුද්ගලයන් සහ බෙල් 412 (Bell 412) වර්ගයේ හෙළිකොප්ටර් යානයක් යොදවා තිබේ. අගෝස්තු 21 වන දින මෙම රක්ෂිත ප්‍රදේශයේ ගින්න හටගැනීමත් සමඟ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
පලავი ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන භටයන් සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක් එම ප්‍රදේශයට යොදවා ඇති අතර, ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ගුවන් හමුදා හෙළිකොප්ටරය මඟින් ‘Bambi Bucket’ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. සෙන්ගල් ඔයෙන් ජලය ලබාගෙන ගින්නෙන් පීඩාවට පත් ප්‍රදේශයට උඩ සිට ජලය හෙළමින් මෙම මෙහෙයුම සිදු කර ඇත.
ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා ගුවන් හමුදාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශවාසීන් සමඟ ඒකාබද්ධව කටයුතු කර තිබේ.
















