අඟුලාන, මෝදරවත්ත සුසාන භූමිය අසල කැලිකසළ එක්රැස් කරන ස්ථානයක තිබී ජීව අත්බෝම්බ 02ක් සහ පතොරොම් තොගයක් අඩංගු බෑගයක් සොයාගැනීමට අඟුලාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.
අඟුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් රාත්‍රී සංචාරක සේවයේ යෙදී සිටියදී මෙම සැකකටයුතු බෑගය නිරීක්ෂණය වී ඇති අතර, එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ජීව අත්බෝම්බ දෙකට අමතරව කුඩා පතොරොම් 25ක් සහ AK-47 ගිනිඅවිය සඳහා භාවිත කරන පතොරොමක් ද හමුවී ඇත. මෙම තොගය අදාළ ස්ථානයට ගෙනැවිත් දැමූ පාර්ශවය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අඟුලාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
















