ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 114 වැනි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගී වී සිටින කම්කරු ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (10) දිනයේදී සභාව ඇමතීමට නියමිතය. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ දේශය පිළිබඳ ප්‍රකාශය (Country Statement) සමුළුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදින පස්වරුවේ ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමට ද අමාත්‍යවරයා කටයුතු සැලසුම් කර ඇත.
අමාත්‍යවරයා සිය ජිනීවා සංචාරයේදී පසුගිය දිනවල විවිධ නිල ක්‍රියාකාරකම්වල නිරත විය. ඒ අනුව, පසුගිය සඳුදා ‘Palais des Nations’හි පැවැති මහා සභා රැස්වීමට සහභාගී වූ ඔහු, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ විශේෂ සුහද හමුවක ද නිරත විය. එමෙන්ම, ඊයේ (9) ASPAG කලාපීය කම්කරු අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වූ අමාත්‍යවරයා, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා විසින් පවත්වනු ලැබූ විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද එක් විය. සියලු නිල කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, අමාත්‍යවරයා හෙට (11) පෙරවරුවේ ජිනීවා නුවරින් පිටත්ව යළි දිවයිනට පැමිණීමට නියමිතය.
















