27 April 2024
#දේශීය

යුරියා පොහොර රැගත් තවත් නැවක් අද කොළඹ වරායට සේන්දු විය

ලෝක බැංකු ණය මුදලක් යටතේ මිල දී ගන්නා ලද යුරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් අද දින (23) පාන්දර කොළඹ වරායට සේන්දු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මෙම පොහොර ගොවීන් විසින් වැඩිපුරම ඉල්ලන කැටිති වශයෙන් ( Granule) පවතින පොහොර බව පවසන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.

මෙවර මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සදහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 110ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දුන් බවත්, ඒ යටතේ යුරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *