27 April 2024
#දේශීය

ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශ්‍රාම යාම ගැටලුවක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

රටේ ආදායමෙන් 95% උපයන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් 100 වැඩි ප්‍රමාණයක්, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් 60 සහ රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 55ක් එළඹෙන දෙසැම්බර් මස 31 වන දා අවුරුදු 65 සීමාව හේතුවෙන් විශ්‍රාම යාමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ එවැනි තත්වයක් තුළ ඊලග ශ්‍රේණි වල නිලධාරින්ට වැඩභාර දීම වගකීම පැවරීමට හරි අවස්ථාවක් නොළැබීම නිසා එය කළමනාකරණය කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

මේ සාකච්ඡාවේ දී එළඹි තීරණයට අනුව අදාල නිලධාරින් විශ්‍රාම යෑමෙන් ඇති වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් සොයා ගැනීමට අවස්ථාව ලැබුණු බවත් ගැටලු කළමනාකරණය කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *