• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ තවත් පියවරක්

5 August 2022
in දේශීය

ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන සියලුම බැතිමතුන් මුහුණ ආවරණ පැළඳ පෙරහැර නැරඹීම යෝග්‍ය බව හා මුහුණ ආවරණ නොමැතිව පැමිණෙන බැතිමතුන් සදහා නොමිලේ මුහුණු ආවරණ බෙදා දීම සදහා කටයුතු සම්පාදනය කර ඇත.

කොවිඩ් 19 ව්‍යාප්ත වීමේ අවධානම තුල, ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවත්, මහනුවර නගරය තුල කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමේ අවධානමත් සැලකිල්ලට ගනිමින් ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන සියලුම බැතිමතුන් මුහුණ ආවරණ පැළඳ පෙරහැර නැරඹීම යෝග්‍ය බව පසුගිය දා පැවති මධ්‍යම පළාත් කොවිඩ් කමිටුවේදී සාකච්ඡාවට බදුන්වීම මත මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම පරිදි පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කරන ලද මුහුණු ආවරණ ශ්‍රී ලංකා පොලිසීය සහාය ඇතිව මුහුණ ආවරණ නොමැතිව පැමිණෙන බැතිමතුන් සදහා නොමිලේ මුහුණු ආවරණ බෙදා දීම සදහා කටයුතු සම්පාදනය කර ඇත.

 

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත්, පාරිසරික සුන්දරත්වය රැකගනිමින් පරිසරයට අපද්‍රව්‍ය මුදා නොහරින ලෙසත්, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු අවදානම අවම කිරීම සදහා හැකිතාක් බුද්ධිමත් අයුරින් කටයුතු කරන ලෙසත් තමා ඇසල පෙරහැර නරබන්නට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.

ඒ අනුව, මුහුණු ආවරණ 6000 ක තොගයක් බෙදාදීමේ අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (5) පැවැති අතර, පළාත් ආණ්ඩුකාරවරයා විසින් අදාල මුහුණු ආවරණ තොගය මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා වෙත භාරදීම එහි දී සිදුවිය. එම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් පාලන කොමසාරිස් (ම.ප) මේනක හේරත්, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්වරුන් ද එක් ව සිටියේය.

 

 

 

 

මාතලේ – මහේෂ්

Post Views: 6
Previous Post

ඇමැති බන්දුල යටියන්තොට ප්‍රදේශයේ හදිසි සංචාරයක්

Next Post

ජනපතිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ගෙන් සුබපැතුම්

editor

editor

Next Post

ජනපතිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ගෙන් සුබපැතුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved