ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) ගේ මධ්‍ය-වාමාංශික කම්කරු පක්ෂ (Labor) රජය විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද නව අයවැය මඟින් මැතිවරණ පොරොන්දු කඩ කරමින් දශක කිහිපයකට පසු විශාලතම දේපළ ආයෝජන බදු සංශෝධන හඳුන්වා දීමට පියවර ගැනීමත් සමඟ, එරට මහජනතාවගෙන් සහ ඡන්දදායකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව නවතම දේශපාලන මතවිමසුම් (Polls) ද්විත්වයකින් හෙළි වී තිබේ. තරුණ පරපුරට නිවාස හිමිකම ලබා ගැනීමේදී පවතින අසමානතාවන් (Intergenerational Inequity) වැළැක්වීම සඳහා ප්‍රාග්ධන ලාභ බදු සහන (Capital Gains Tax Discounts) සහ “නෙගටිව් ගියරින්” (Negative Gearing) වැනි දේපළ ආයෝජන බදු ක්‍රමවේද සීමා කිරීමට රජය තීරණය කළේය. මෙම පැරණි බදු ක්‍රමවේදයන් වයස්ගත සහ ධනවත් ආයෝජකයන්ට පමණක් වාසි සහගත වන පරිදි පවතින බවට මීට පෙර විවේචන එල්ල වී තිබුණි.














