නියමිත දිනට (2026-08-31) පසුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් කළ තැනැත්තන්ගෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර ඒ සඳහා හේතු දැක්වීමට අවස්ථාවක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වන වගන්තියට අනුව ප්‍රමාද වූ දින ගණනට අදාළව මෙම පරිපාලන දඩ මුදල නීත්‍යානුකූලව අය කළ යුතුව ඇත. කෙසේ වෙතත්, අදාළ ප්‍රමාදය සම්බන්ධයෙන් යම් සාධාරණ හේතුවක් පවතින්නේ නම්, ඒ බව තහවුරු කරන ලේඛන ද සමඟ 2026 සැප්තැම්බර් මස 30 වන දිනට හෝ එදිනට පෙර ලිඛිතව කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස දන්වා ඇත.














