යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවනු නොලබන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවේදී අනුමත කරවා ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
‘අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි’ යන තේමාව යටතේ අද (සැප්තැම්බර් 06) බුලත්සිංහල ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ පාර්ශ්ව බියට පත්ව විවිධ උත්සාහයන් ගත්තද, ජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් කිසිදු විටෙක ආපස්සට හරවන්නේ නැති බව හෙතම දැඩිව කියා සිටියේය.














