ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් තුළ භාණ්ඩ සහ සේවාවන්හි පාලනය හුදු තරගකාරීත්වයක් මත පමණක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකි බවත්, ඒ සඳහා රජය සතුව ශක්තිමත් මිල පාලන යාන්ත්‍රණයක් තිබිය යුතු බවත්, ඒ වෙනුවෙන් ලංකා සතොස සහ සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර එය ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස යොදාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති කාර්යාලයේ පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගති සමාලෝචන සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. මෙහිදී ග්‍රාමීය මට්ටමින් සහල් සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීම, ලංකා ත්‍රිපෝෂ ආයතනයේ කටයුතු, පාරිභෝගික සේවා අධිකාරියේ නියාමන කටයුතු සහ වාණිජ දෙපාර්තමේන්තුවේ අපනයන ඉලක්ක පුළුල් කිරීම ඇතුළු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන 16ක ප්‍රගතිය පුළුල් ලෙස විමසා බලන ලදී.















