ප්‍රතිපත්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ (CPA) සමාජ දර්ශක අංශය මගින් නිකුත් කළ නවතම ‘ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ විශ්වාසය’ දර්ශකයට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් 75.5%ක ජනතා තෘප්තියක් වාර්තා වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යභාරය සම්බන්ධයෙන් තෘප්තිමත් වන්නේ 29.4%ක් පමණක් වන අතර, ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් 64.9%ක් අතෘප්තිය පළ කර ඇත.
ජනාධිපතිවරයා කෙරෙහි වන අනුමැතිය මලෛයහ දෙමළ ප්‍රජාව අතර 94.4%ක් සහ මුස්ලිම් ප්‍රජාව අතර 93.4%ක් ලෙස ඉහළ මට්ටමක පවතී. සිංහල ප්‍රජාව අතර ද 69.9%ක බහුතරයක් ජනාධිපතිවරයා පිළිබඳව තෘප්තිමත් බව ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම 18-29 වයස් කාණ්ඩයේ තරුණ පරපුර අතර 81.6%ක ඉහළ තෘප්තියක් ජනාධිපතිවරයා ලබාගෙන ඇත.
මෙම සමීක්ෂණයට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සහ වගවීම පිළිබඳව 51.6%ක් සෑහීමකට පත්වන අතර, 62.8%ක් ජාතික ජන බලවේග රජයේ කාර්යක්ෂම පාලන හැකියාව පිළිබඳව තෘප්තිමත් වේ. එසේම ජීවන වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් මතය බෙදී පවතින අතර, 45.3%ක් තෘප්තිමත් වෙද්දී 44%ක් අතෘප්තිමත් බව ප්‍රකාශ කර තිබේ. මැයි 23 සහ ජූනි 18 අතර දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුද්ගලයින් 1,240කගේ සහභාගීත්වයෙන් මෙම සමීක්ෂණය පවත්වා ඇත.
















