මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මැඩලමින් රට සාමකාමී මාවතකට ගෙන ඒමේදී අවශ්‍ය වුවහොත් ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට කිසිසේත් නොපැකිළෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. පසුගිය වසර දෙක තුළ වාර්තාගත මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් සිදු කර ඇති බව පෙන්දු දුන් ඒ මහතා, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමානවම ඔවුන්ට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කළ යුතු බව ප්‍රකාශ කළේය. අපරාධකරුවන්ට පමාවී දඬුවම් ලැබීම වැළැක්වීම සඳහා අදාළ ආයතන සක්‍රීය කර ඇති බවත්, පොදුජන සුබසිද්ධිය උදෙසා අවශ්‍ය වන නීති හා ව්‍යවස්ථා සංශෝධන කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියාසී සිටියේය.
















