• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කෙරේ

10 November 2020
in දේශීය

රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා තේරී පත් කර ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

රජයේ මුදල් කාරක සභාව ඊයේ (09) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රැස් වි ඇති අතර එහිදී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කර ඇත.

අනතුරුව නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාල මුදල් කාරක සභාවේ ඉදිරි වැඩ කටයුතු පිළිබද මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත් වු බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

කෙහෙළිය රඹුක්වැල්ල,සුසිල් ප්‍රේමජයන්ත,විදුර වික්‍රමනායක ,ඩී.වී චානක, ආචාර්ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන්ද, ආචාර්ය හර්ෂ ද සිල්වා ,හේෂා විතානගේ,ඉසුරු දොඩන්ගොඩ,සහන් ප්‍රදීප්, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ අනුප පැසකුවල් යන මන්ත්‍රීවරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ලබන 12 වැනිදා නැවත කාරක සභාව රැස්වීමට නියමිත අතර 2020 විසර්ජන පනත් කෙටුම්පත මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

 

Post Views: 17
Previous Post

ත්‍රිරෝද රථය පෙරළි දරුවෙකු මරුට

Next Post

නව තානාපතිවරුන් හත් දෙනෙකුට උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

නව තානාපතිවරුන් හත් දෙනෙකුට උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved