27 April 2024
#දේශීය

අනුරාධපුර ආබාධිත විශ්‍රාමික රණවිරුවන් සඳහා කාබනික භෝග වගාව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක්

රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසායක සංවර්ධනය අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. කාබනික භෝග වගාව පිළිබඳවත්, භෝග වගා හානියට විසඳුම් හා කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳවත් මෙහි දී පැමිණි පිරිසට උපදෙස් ලබා දෙන ලදි.

රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසායක සංවර්ධන අංශයේ කෝප්‍රල් සුමිත් මහතාගේ සහභාගිත්වයෙන් සහ ඉපලෝගම කෘෂිකර්ම උපදේශක අයි.ඩී.එම් මිහිරි මෙනවියගේ සම්පත් දායකත්වයෙන් කැකිරාව රණජයපුර ගම්මානයේ දී තෝරා ගත් ගොවීන් පිරිසක් සඳහා වැඩසයහන පැවැතිවිණි.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *