අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය. 2026.08.22 දින ලැබුණු තොරතුරක් මත අනුරාධපුර පොලිස් වසමේ කොරකහවැව ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර නීතිවිරෝධී මත්පැන් ලීටර් 85යි මිලිලීටර් 500ක් (බෝතල් 114ක්) සහ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගෝඩා ලීටර් 345ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අනුරාධපුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරු අවුරුදු 46ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















