27 April 2024
#විශේෂාංග

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර අති උත්කර්ෂවත්ව පැවැත්විය

උතුරු මැද පළාත් සභාව මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලැබූ අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර පසුගියදා (07) අති උත්කර්ෂවත්ව පැවැත්විණි.

අටමස්ථානාධිපති නුවරකලාවිය ප්‍රධාන සංඝනායක රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෙරහැර සංවිධානය කර තිබිණි.

උඩරට, පහතරට, සබරගමු නැටුම් ඇතුලත්ව දළදා වහන්සේ වැඩම කරවීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර වාහල්කඩින් ආරම්භ කර ජය ශ්‍රී මහා බෝ වටරවුමින් රුවන්වැලි සෑ පෙත්මග මග ඔස්සේ සංඝමිත්තා මාවතේ පිහිටි ශ්‍රී ලංකාවට දළදා වහන්සේ වැඩම කර ප්‍රථමයෙන් තැන්පත් කර තිබූ දැනට නටඹුන්ව ඇති ප්‍රථම දළදා මාලිගාව වෙත වැඩම කරවා පුද පූජා පවත්වා ථූපාරාමය අසලින් අභයගිරි විහාරස්ථානයෙන් පෙරහැර නිමාවට පත් විය.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *