27 April 2024
#දේශීය

ආණ්ඩුකාර තනතුරක් දුන්නොත් බාර ගන්නවා – හිටපු අමාත්‍ය ජොන් අමරතුංග

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු අමාත්‍ය ජොන් අමරතුංග මහතා හට ආණ්ඩුකාර තනතුරක් ලබා දෙන බවට විවිධ මාධ්‍ය වාර්තා වල සඳහන්ව ති‌බේ.

ඒ පිළිබඳ TTVnews.lk ජොන් අමරතුංග මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා පවසා සිටියේ මාධ්‍ය වාර්තාවල පල වී ඇති නමුත් මෙතෙක් එවැනි තනතුරක් ලබා දීම පිළිබඳ දැනුවත් කර නොමැති බවයි.

කෙසේ වෙතත් තමා වසර 40 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු නියෝජනය කර අතර විවිධ අමාත්‍යංශ රැසක අමාත්‍ය ධුර දැරු බවයි. ඒ අනුව යළි මැතිවරණයට ඉදිරිපත් වන්නට කිසිදු අවශ්‍යතාවයක් නොමැති නමුත් රට වෙනුවෙන් සේවය කිරීමට ආණ්ඩුකාර තනතුරක් ලබා දුන්නොත් එය ඉටු කිරීමට නොපැකිලෙන බව අමරතුංග මහතා කියා සිටියේය.

මේ වන විට ද තමා ජනාධිපති උපදේශක වශයෙන් කටයුතු කරන අතර එය කිසිදු වරප්‍රසාදයක් නොගෙන සිදු කරන කාර්යක් බව අමරතුංග මහතා කියා සිටියේය.

රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කලේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨයින්ට තනතුරු ලබා දීමේ වැඩපිළීවෙලක් දියත් කරනු ඇති බවයි. එසේම පක්ෂය නැවත නගා සිටුවමින් ඉදිරි මැතිවරණයට අවශ්‍ය කරන වටපිටාව සකස් කිරීමට කටයුතු මේ වන විට දියත් කරමින් සිටින බව ද වාර්තා වේ.

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *