2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා අයදුම්පත් කැඳවීම අද (26) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව සුදුසුකම් ලත් ගුරුවරුන්ට ලබන ජූලි මස 08 වනදා දක්වා https://onlineexams.gov.lk/eic
වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව (Online) තම අයදුම්පත් යොමු කළ හැකිය.
මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මස 09 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. විභාගය පැවැත්වෙන දිනට අදාළ කාලසටහන ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට නියමිතය. එසේම පළමු ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















