27 April 2024
#දේශීය

ඖෂධ අධිකාරියට හමුදා නිලධාරියෙකු යෙදවීම බරපතල වරදක් – රවි කුමුදේශ්

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී තනතුරට හමුදා නිලධාරියෙකු යෙදවීමට උත්සාහ දැරීම බරපතල වරදක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමුදේශ් මහතා පවසා සිටියේ මේ වන විට ඖෂධ නියාමන අධිකාරිය මාසයකට වැඩි කාලයක් ප්‍රධාන විධායක නිලධාරීයෙකු නොමැතිව කටයුතු කරන අතර, කැබිනට් ඇමතිවරයාගේ බලය අභිබවමින් රාජ්‍ය ඇමතිවරයා කටයුතු කිරීම හේතුවෙන් ඇතිවූ බල අරගලය ඊට හේතු වී ඇති බවයි.

කෙසේ නමුත් ඊට අදාලව 2021. 09. 09 දින ඊට අදාල සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී “ව්‍යුහගත” ක්‍රමවේදයකට අනූව සුදුසුකම් සදහා ලකුණු ලබා දී නොමැති බවටද විවේචන එල්ල විය. ඒ අතර වාරයේ අදාල ක්‍රමවේදයන් සියල්ලට පටහැනිව හමුදා නිලධාරීයෙකු ඒ සදහා පත් කරන ලෙස සෞඛ්‍ය ලේකම් වරයා විසින් නිර්දේශ කොට ඇති බව මධ්‍ය වාර්ථා කර තිබීම, ඉදිරිය පිළිබද විශාල අවිනිශ්චිත බවක් නිර්මාණය කර ඇති බව කුමුදේශ් මහතා කියා සිටියේය.

හැකියාව සහිත සුදුස්සන් තනතුරු වලට පත් කිරීම පිළිබදව ජනාධිපතිවරයාගේ සංකල්පයට අනූව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුර සදහා හමුදා නිළධාරියෙකු පත් කිරීමේදී අප නිහඩ සහයෝගයක් ලබා දීම මගින් සමස්ත සෞඛ්‍ය සේවාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි බරපතල අවුලක් නිර්මාණය වී ඇති බව තහවුරු වී තිබියදී, නැවත එම වරදම සෞඛ්‍ය සේවාවට සිදු නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *