27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05) දින පත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

පත් කළ කමිටුවේ සාමාජිකයන් වන්නේ. අරවින්ද ද සිල්වා මහතා – සභාපති, රොෂාන් මහනාමා මහතා – සාමාජික, මුත්තයියා මුරලිදරන් මහතා – සාමාජික සහ කුමාර් සංගක්කාර මහතා – සාමාජිකයිනි.

එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමයි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *