• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලේකම්වරු පස්දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීම සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය

15 August 2022
in දේශීය

අමාත්‍යාංශ ලේකම්වරුන් පස්දෙනෙකුට සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (12) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ අනුව, ඉන්දුනීසියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතාගේ පත්වීමට, වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ආර්.එම්.සී.එම්. හේරත් මහත්මියගේ පත්වීමට සහ මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතාගේ පත්වීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එයට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ජේ.එස් චන්ද්‍රගුප්ත මහතාගේ පත්වීමට සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.පී.ඒ. විමලවීර මහතාගේ පත්වීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන (ආචාර්ය) බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, විදුර වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, රමේෂ් පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තලතා අතුකෝරල, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුප්ල්ලේ, ජෝන් සෙනවිරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

Post Views: 10
Previous Post

කමිටු රැසක මුල් පුටු විපක්ෂයට – සජිත්

Next Post

රිම් ඔෆ් ද පැසිෆික් – 2022 බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගිවූ නාවික හමුදා කණ්ඩායම දිවයිනට පැමිණේ

editor

editor

Next Post

රිම් ඔෆ් ද පැසිෆික් - 2022 බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගිවූ නාවික හමුදා කණ්ඩායම දිවයිනට පැමිණේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved