2022 අරගල සමයේදී ඊට එක්වූ ප්‍රකට කලාකරුවන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් එම කටයුතුවලට සහභාගී වූයේ මුදලට බවත්, ජනතාව කුපිත කරවන සෑම ජවනිකාවකටම සහ වීඩියෝ දර්ශනයකටම තිරය පිටුපසින් මුදල් ලැබුණු බවත් ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. මෑතකදී අභාවප්‍රාප්ත වූ චූලා පද්මේන්ද්‍ර ද සිදුකළේ එකී කාර්යය බව ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
2021 වසරේ විවාහක රූ රැජින තරගයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීමේ සිදුවීමේ සිට අරගල භූමිය දක්වා චූලා පද්මේන්ද්‍රගේ ක්‍රියාකලාපය විවේචනය කරන කීර්ති රත්නායක මහතා, අරගලයට සම්බන්ධ වූ ප්‍රසිද්ධ පුද්ගලයින්ට දවසට දෙවතාවක් අරගල භූමියට ගොස් ජනතාව අවුළුවන පෝස්ටරයක් හෝ ජවනිකාවක් රඟ දැක්වීම වෙනුවෙන් විජේරාම ප්‍රදේශයේ ස්ථානයකින් ඇතුළු ස්ථාන කිහිපයකින් මුදල් ලැබුණු බවට චෝදනා කරයි. සමාජ සාධාරණත්වය ගැන කතා කරන තැනැත්තා ක්‍රියාකාරීත්වයෙන් අවංක විය යුතු බවත්, චූලා සමුගත්තේ විප්ලවය විගඩමක් කරමින් බවත් ඔහු සිය සටහන මඟින් පෙන්වා දෙයි.














