ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාසය, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මීට අමතරව එම නිවසේ සිටි තවත් කිහිපදෙනෙකුගෙන් ද ප්‍රශ්න කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කපිල චන්ද්‍රසේන මහතා අරවින්ද ද සිල්වා මහතාගේ සමීපතම ඥාතියෙකු වන අතර, ඊයේ (08) දින ඔහුගේ මළ සිරුර සොයාගැනුණේ ද කොල්ලුපිටියේ පිහිටි අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ රැඳී සිටියදීය. මරණය සිදුවූ ආකාරය පිළිබඳව පවතින සැකය දුරු කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් පවත්වන අතර, සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද නියමිතය.














