වර්තමාන රජය බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව මුළා කර බලයට පත් වුවද, අද වන විට ජනතාවට මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ප්‍රකාශ කරයි.
උගන්ඩාවෙන් මුදල් ගෙන එන බව පවසමින් රජය ජනතාව රැවටූ බවත්, භූමිතෙල් සහ ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම නිසා සාමාන්‍ය ජනතාවගේ ජීවනෝපාය බිඳ වැටී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. තමන් වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ කාලයේ කිසිදු නඩුවක් නොතිබූ නමුත්, දේශපාලනයට පිවිසි පසු තමන්ට එරෙහිව නඩු 29ක් පවරා ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිංහල ජනතාවට සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත්, තමන් දෙමළ ජාතිකයකු වුවද එම සැබෑ නායකත්වයට ගරු කරන බවත් ඔහු අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අර්චුනා රාමනාදන් මහතා කියා සිටියේ 2029 වසරේදී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වනු ඇති බවත්, තමන් ඔහු සමඟ එක්ව මෙරට පවතින ජාතික ගැටලු සහ සිංහල-දෙමළ ජනතාව අතර පවතින ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට කටයුතු කරන බවත්ය.
















