27 April 2024
#දේශීය

හමුදා නිලධාරියාගේ නැතිවු T56 දියවන්නා ජලාශයෙන් හමුවෙයි – පොලිසිය

පොල්දුව හන්දියේ පසුගිය 13 වනදා පැවැති අරගලයේදී එම ස්ථානයේ රාජකාරියේ යෙදුණු යුධ හමුදා නිලධාරියෙකුට අරගලකරුවන් විසින් පහරදී T56 වර්ගයේ ගිනි අවිය කොල්ලා ඇති බව පොලිසිය පසුගියදා පැවසිය.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ නාවික හමුදා කිමිදුම් බලකායේ නිලධාරින් විසින් පසුගිය 23 වනදා දින රාජගිරිය සමනල පාලම අසල දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පාලම යට ජලයේ තිබියදී ඉහත කොල්ලකන ලද ගිනි අවිය හා හිස් පතරෝම් ගැබක් සොයා ගෙන වැලිකඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *