තම රජය බලයට පත්වූ දිනයේ සිට ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. නාවලපිටිය හා කොත්මලේ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ආසන සමුළුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වරින් වර මතු වූ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් මේ වන විට සාර්ථකව සමථයකට පත් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. සියලු රාජ්‍ය කටයුතු ව්‍යවස්ථානුකූලව සහ ප්‍රතිපත්තිගරුකව සිදු කිරීමට තම රජය කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
විපක්ෂය විසින් රජයේ සෑම යහපත් කාර්යයකටම විරුද්ධ වන බව පෙන්වා දුන් අරුණ ජයසේකර මහතා, බන්ධනාගාර කොමසාරිස්වරයා පත් කිරීම සහ බෝගම්බර බන්ධනාගාරය යළි පිහිටුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරියේදී කරුණු පැහැදිලි කරනු ඇති බව ද අනාවරණය කළේය.














