හිටපු කතානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. මෙම සංචාරයට පෙර ඒ මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක මේ බව දැනුම් දී තිබේ.
2026 වසරේ මැයි 2 වනදා සිට මැයි 10 වනදා දක්වා ටෙක්සාස්හිදී පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවය, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන්, සිරිත් විරිත් සහ සංස්කෘතිය ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කිරීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවක් වන අතර, එහිදී බුද්ධ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත.














