27 April 2024
#දේශීය

ආශු මාරසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජනාධිපති උපදේශක තනතුරේ කටයුතු කල ආශු මාරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව නිවේදනය කරයි. කෙසේ වෙතත් ඔහු සඳහන් කර ඇත්තේ ඔහු සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීම ලබා දුන් බවයි.

කෙ‌සේ වෙතත් රජයේ ඉහල ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් කල දැනුම් දීමකට අනුව මෙම ඉල්ලා අස්වීම සිදු වු බවයි.

ආශු මාරසිංහ සම්බන්ධයෙන් මේ වන විට බොරැල්ල පොලිසියේ පැමිණිල්ලක්ද විභාග වන අතර ඔහුගේ යම් අකටයුත්තක් පිළිබඳ ජනාධීපතිවරයාගේ බිරිඳවන මෛත්‍රි වික්‍රමසිංහ හට පවා අගතියට පත් පාර්ශවය ලිපියක් මගීන් දැනුම් දීමක් සිදු කර ඇති බව වාර්තා වේ. 

කෙසේ වෙතත් අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් මොහු විසින් ජනාධිපති උපදේශ තනතුර අවභාවිතා කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි කරවන පුද්ගලයෙකු බව හෙලි වීමත් සමඟ මෙම තනතුරින් ඉල්ලා අස්වීමට දැනුම් දී ඇති බව රජයේ අභ්‍යන්තර සපයන්නෙකු අප වෙත කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *