• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සිය 75 වන ශාඛාව හෝමාගමදී විවෘත කරයි

22 May 2023
in ව්‍යාපාර

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සිය ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය 75 වන ශාඛාව පසුගියදා හෝමාගමදී විවෘත කළේ ය.

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී යනු මෙරට රන් ණය මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම සමාගමකි. මෙම නව ශාඛාවට අමතරව, ඉදිරි මාස 9 තුළ තවත් ශාඛා 15 ක් විවෘත කිරීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම සැලසුම් කර තිබේ.

2022 වසරේදීද නව ශාඛා 15 ක් විවෘත කරමින්, තම ශාඛා ජාලය 70 ක් දක්වා වර්ධනය කරගැනීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමත් විය. වත්තේගම, පුස්සැල්ලාව, බොගවන්තලාව, ග්‍රෑන්ඩ්පාස්, කන්තලේ, පොතුවිල්, වැලිමඩ, හපුතලේ, ආගරපතන, අච්චුවේලි, චෙඩ්ඩිකුලම්, මට්ටක්කුලිය, මනිපායි, ඇලකන්ද සහ හාවාඑළිය යන ප්‍රදේශවල එලෙස නව ශාඛා විවෘත කරන ලදි. මෙම ස්ථාන තෝරාගැනීමේදී, එම ප්‍රදේශවල ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵලගැන්වීමට අත්වැලක් වීමේ හැකියාවට අමතරව, විශේෂයෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ඇති ඉඩකඩ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර තිබේ. ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ ගනුදෙනුකරුවන් අතරින් 51% ක්ම කාන්තාවන් වන අතර, ඒ අතරින් 40% කට වැඩි ප්‍රතිශතයක් විධිමත් මූල්‍ය ආයතනයක් සමග ගනුදෙනුකරනුයේ ප්‍රථම වරට ය. ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් වෙත තිරසාර මූල්‍ය සේවාවන් සැපයීම සඳහා සමාගම දරන උත්සාහය අතිශයින් සාර්ථක වී ඇති බවට මෙම දත්ත සාක්ෂි දරයි. සමාගමේ වර්ධනයට සමගාමීව එහි කාර්ය මණ්ඩලයද 20% කින් වර්ධනය වී ඇති අතර, ඉතිහාසයේ ප්‍රථම වරට සමාගමේ වත්කම් පදනමද රු. බිලියන 25 ඉක්මවා ගොස් තිබේ.

වසර 52 කට අධික ඉතිහාසයක් සහිත ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී, ශ්‍රී ලංකාවේ රත්‍රන් මූලික මූල්‍ය සේවාවන් සපයන එකම සමාගමයි. සිය මවු සමාගම වන, ඉන්දියාව පදනම් කරගත් දැවැන්ත ගෝලීය සමාගමක් වන මුතූට් ෆිනෑන්ස් (Muthoot Finance) හි පිටුබලයද එයට හිමි වී ඇත.ලොව විශාලතම රන් ණය සේවා සමාගමක් වන මුතූට් ෆිනෑන්ස් හි වත්කම්වල මුළු වටිනාකම රු. ට්‍රිලියන 3 කට ආසන්න වන අතර, එය ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු රැසක වටිනාකමටත් වඩා ඉහළ අගයකි.

“මේ අභියෝගකාරී කාලසීමාව තුළ අපගේ ශාඛා ජාලය 75 දක්වා පුළුල් කරගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ ඉලක්කය වී තිබෙන්නේ, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට අපගේ සුවිශේෂී හා පාරිභෝගික හිතකාමී සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගෙන, තම ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කරගැනීමට අවස්ථාව සලසා දීමයි. අපගේ ශාඛා ජාලය පුළුල් කිරීමේ වැඩසටහන 2023 වසර පුරාම අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වනවා.” ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණවර්ධන මහතා පැවසී ය.

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති, බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මුල්‍ය සමාගමකි. 1970 වසරේදී රන් ණය සේවාවන් මූලික කරගෙන, තැන්පතුකරුවන්ට සහ ණය ලබාගන්නන්ට සේවය සැලසීමේ අරමුණින් එය ආරම්භ කරන ලදි. ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මේ වනවිට රන් ණය, ස්ථාවර තැන්පතු, ලීසිං, උකස් සේවාවන් සහ Asia Asset Finance App ඔස්සේ ලබාදෙන ඩිජිටල් මූල්‍ය සේවාවන් ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් රාශියක් පිරිනමයි.

 

 

පිටපත – PR

Post Views: 32
Previous Post

බස්නාහිර පාසල්වල අබලන් වූ ගොඩනැගිලි කඩිනම් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ඇරඹේ -ඇමති ප්‍රසන්න

Next Post

ඉන්ධන සැපයුම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබයි

editor

editor

Next Post

ඉන්ධන සැපයුම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved