27 April 2024
#ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ අද

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල කාන්තා සහ පිරිමි ඉසව්වේ දෙවන වටය සඳහා අනීකා සෙනෙවිරත්න සහ තිවංක ශමාල් අද (20) දින තරඟ වදිනවා. අනීකා සෙනෙවිරත්න ඊයේ පැවති කාන්තා ටෙනිස් කේවල ඉසව්වේ මූලික වටය ජයගනු ලැබුවේ මොංගෝලියානු ක්‍රීඩිකාව 2ට බිංදුවක් ලෙස පරාජයට පත් කරමින්.

එමෙන්ම එම ඉසව්වේ මූලික වටයේ පිරිමි තරඟය මාලදිවයින් ක්‍රීඩකයා 2ට 0ක් ලෙස පරාජය පත් කරමින් තිවංක ශමාල් ජයගත්තා.

දහඅටවැනි වරට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල, ඉන්දුනීසියාවේ ජාකර්තා සහ පලෙම්බැන්ග් හිදී පසුගිය 18 වනදා ආරම්භ වුණා. “ආසියාවේ ශක්තිය“ තේමාවෙන් පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙලේ සමාරම්භය ජාකර්තා හි ගෙලෝරා බන්ග් කාර්නෝ ක්‍රීඩාංගණයේදී සනිටුහන් කිරිමට නියමිතයි. ඊට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සමගින් 76000කට අධික පිරිසක් එක්ව සිටිනවා.

ක්‍රීඩා 40ක් යටතේ තරග ඉසව් 465කදී පැවත්. වෙනවා. ආසියානු මහද්වීපයේ සියලුම රටවල් (45) නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11000කට අධික පිරිසක් තරග වදින්නේ රන් පදක්කම් 465ක් වෙනුවෙන්.

මෙය ආසියානු තරග බිමකදි දෙවැනි වැඩිම ඉසව් ගණනක් පැවැත්වෙන තරගාවලිය වනවා. මින් පෙර 2010 චීනයේ ගුවැන්ෂූ තරගාවලියට ඉසව් 42ක් එක්කර තිබුණා. ක්‍රිකට් තරග ඉසව්ව මෙවර තරගාවලියෙන් ඉවත් කර තිබේනවා. පසුගිය වර ශ්‍රී ලංකාවට හිමිවූ එකම රන් පදක්කම දිනාගත්තේ ක්‍රිකට් වලින්.

ඉන්දුනිසියාවේ ආසියානු ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන්නේ දෙවන වරට වන අතර මීට 1962 ආසියානු ක්‍රීඩා උළෙල ජාකර්තා නුවරදී පැවැත් වුනා. සිටින චීනය මෙතෙක් පැවැති ක්‍රීඩා උළෙල දහහතෙන් අවසන් උළෙල මීට පෙර පැවති තරගාවලි 9දීම ප්‍රථම ස්ථානය දිනාගත් චිනය ආසියානු ක්‍රීඩා තරග බිමේ ආධිපත්‍ය පතුරුවා අත්කර ගැනීමට සමත්ව තිබේ.

මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 30ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් 163 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වනවා. මේ කණ්ඩායමට වැඩිම ගණනක් එක්වන කබඩි ඉසව්වෙන් ක්‍රීඩකයන් 15ක් සහ ක්‍රීඩිකාවෝ 15ක් ඇතුළත්.

ජල ක්‍රීඩා 5ක්, මලල ක්‍රීඩා 12ක්, බැඩ්මින්ටන් 6ක්, බේස්බෝල් 18ක්, බාස්කට්බෝල් 8ක්, බීච් වොලිබෝල් 2, බොක්සිං 6ක්, ගේල්ෆ් 4ක්, හොකී 18ක්, වොලිබෝල් 14ක්, ජූඩෝ 2ක්, කබඩි 24ක්, කරාතේ 6ක්, ස්කේටින් 4ක්, ඔරු පැදීම 4ක්, සත් සාමාජික රග්බි 12ක්, ස්කොෂ් 4ක්, මේස පන්දු 2ක්, ටයිකොන්ඩෝ 6ක්, ටෙනිස් 4ක්, බර ඉසිලීම 4ක්, වූෂු ඉසව්වෙන් දෙදෙනකු සමගින් දුනු විදීම, හබල් ඔරු පැදීම, රුවල් ඔරු පැදීම, තුන් ප්‍රයාම, මල්ලවපොර සහ ජිම්නාස්ටික් සඳහා ක්‍රීඩකයකු බැගින්ද මේ කණ්ඩායමට අයත් වනවා. මෙවර තරගාවලියට ප්‍රථම වරට එක්වන ‘e sports’ ක්‍රීඩා ඉසව් ශ්‍රී ලංකික ක්‍රීඩකයකු සහභාගි වනවා.මේ කණ්ඩායම් සමග පුහුණුකරුවන් සහ නිලධාරීන්ද 78කට ආසන්න පිරිසක් අතුලත්.

මේ කණ්ඩායම ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉහළම කණ්ඩායම වන අතර 2014දී කොරියාවේ ඉචියොන් හී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 80ක කණ්ඩායමක් සහභාගී වූවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *