• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරනවා – අධ්‍යාපන ඇමැති කියයි

10 March 2021
in දේශීය

“සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරන අතර මැයි මාසයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට ත් බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයක් වන කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී ‍වීමෙන් අනතුරුව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,” අද අ.පො.ස සාමාන්‍ය පෙළ අවසාන දවස. දවස් 10ක් තිස්සේ මේ විභාගය පැවැත්වුණා. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 622000ක් විභාගය සඳහා පෙනී සිටියා. විභාග මධ්‍යස්ථාන 4513ක විභාගය පැවැත්වුණා. විශාල අභියෝගවලට මුහුණදීල තමයි අපි මේ විභාගය පැවැත්වුවේ. විභාගය ආරම්භ වනවිට ආසාධිත දරුවන් හිටියේ 38යි. අවසාන වනවිට සිසුන් 62යි. මේවගේ තත්ත්වයකට මුහුණ දෙන්නට අපි කලින් සූදානම් වෙලා තිබුණා. මුළු රටේ ම විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් අපි හදල තිබ්බා. ඒවගේ ම නි‍රෝධායනයට ලක්වුණු දරුවන් 322ක් හිටියා. හැම විභාග මධ්‍යස්ථානයක ම විශේෂ පන්ති කාමරයකුත් සකස් කරලා තිබුණා. ඒවගේ ම පසුගිය දවස් දෙකේ අයහපත් කාලගුණය නිසා සමහර ගැටලු පැන නැඟුණා. හැබැයි අපිට පුළුවන් වුණා බොහොම සාර්ථක ව ප්‍රශ්නපත්‍ර විභාග මධ්‍යස්ථානවලට නියමිත වේලාවට යොමු කරන්නට. අපි තීරණය කරලා තිබෙනවා සෞන්දර්ය විෂයයන් සම්බන්ධව ‍ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ පවත්වන්නට. ඒකෙ ප්‍රයෝජනය තමයි, මේ දරුවන්ට හැකියාව ලැබෙනවා මාර්තු සහ අප්‍රේල් මාස තුළ ඒ සඳහා සූදානම් වෙන්නට. උත්තර පත්‍ර ඇගයීම මේ මාසේ 27වන දින ආරම්භ කෙරෙනවා. ඒ අනුව ජුනි මාසයේ පමණ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නටත් ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමටත් අපට හැකියාව ලැබෙයි.මේ සමස්ත වැඩපිළිවෙළ නිසා පාසල් පද්ධතිය සම්පූරණයෙන් විවෘත කරලා අධ්‍යයන කටයුතු අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. මේ සඳහා කැපවීමෙන් වැඩ කටයුතු කළ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන්ට, විභාග දෙපාර්තමේන්තුවට, අධ්‍යාපන අමාත්‍යංශයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, පළාත් පාලන ආයතනවලට සහ මාධ්‍යයට අපේ ස්තූතිය හිමි වෙනවා. යනුවෙන් ද අමාත්‍යවරයා පැවසී ය.

 

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට චීනය සහාය

Next Post

කථන හා ශ්‍රව්‍යාබාධිත පවුලකට නිවාස රාජ්‍ය අමාත්‍යවරයාගෙන් නව නිවසක්

editor

editor

Next Post

කථන හා ශ්‍රව්‍යාබාධිත පවුලකට නිවාස රාජ්‍ය අමාත්‍යවරයාගෙන් නව නිවසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved