අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා තිරසාර ආහාර නිෂ්පාදන ක්‍රම සංවර්ධනය කිරීමේ පර්යේෂණවල කොටසක් ලෙස, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින ගගනගාමීන් විසින් ‘Red Russian’ කේල් සහ ‘Wasabi’ අබ පැළ සාර්ථකව වගා කර තිබේ.
මෙම පර්යේෂණය මඟින් කැපවූ ශාක වර්ධන පහසුකමක් තුළ පමණක් නොව, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විවිධ කොටස්වල ශාක වර්ධනය වන ආකාරය තේරුම් ගැනීමට පර්යේෂකයින්ට උපකාරී වන බව අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කරයි. සඳ, අඟහරු සහ ඉන් ඔබෂට සිදු කරන අනාගත මෙහෙයුම් සඳහා නැවුම් සහ පෝෂ්‍යදායී ආහාර වගා කිරීමට මෙමඟින් මග සැලසෙන බව විද්‍යාඥයින් පවසති. ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය යටතේ ශාක වර්ධනය කිරීම දිගුකාලීන අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන අතර, එය ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිචක්‍රීකරණය කිරීමටද උපකාරී වේ.















