අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් සඳහා ලබාදෙන අප්‍රේල් මාසයට අදාළ දීමනා අද (22) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. මෙම වැඩපිළිවෙළ යටතේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකු වෙනුවෙන් රුපියල් බිලියන 3.08කට අධික මුදලක් සහ දෙවන අදියරේ වැඩිහිටියන් 72,525 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 362කට අධික මුදලක් ගෙවීමට නියමිතය. ඒ අනුව සමස්තයක් ලෙස වැඩිහිටි ප්‍රතිලාභීන් ලක්ෂ 7කට ආසන්න පිරිසකට අද දිනයේ සිට මෙම මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටී.














